Posts

ණයට අරන් ජයට මඟුල් කෑම

Image
ඕනෑම යුවතියක් දකින සුන්දර සිහියක් තමයි දවසක ලස්සන මනාලියක් වෙන එක. සුන්දර මංගල ඇඳුම ඇඳලා, ආභරණ පළඳලා, හැඩ වෙලා දෙමාපිය හිතවතුන්ගේ ආශිර්වාදය මැද තමන්ගේ හිත ගත්ත පුර්ෂයා සමඟ යුග දිවියට පා තබන්න දකින ඒ හීනය කිසිම වරදක් කියන්න බැරි අහිංසක අපේක්ෂාවක්. ඒ වුනත් විවාහ ජීවිතේට වැඩි වටිනාකමක් විවාහ උත්සවයට ලබා දෙනවා නම් එතන ගැටළුවක් තියෙනවා. විවාහය කියන්නේ උත්සවශ්‍රීයෙන් එක් වීම විතරක් නෙවෙයි. විවාහයක් පරිපූර්ණ වෙන්නේ දෙදෙනෙක් අවංක ආදරයකින් , අනෝන්‍ය අවබෝධයක් ඇතිව ගත් නිදහස් තීරණයක් තුළින් එකිනෙකාට හිමි වීමක්. ඉතින් මෙහි උත්සවශ්‍රීය කියන්නේ අත්‍යාවශ්‍යම සාධකයක් නෙවෙයි. බොහෝ අය මංගල උත්සවයට බොහෝ කලක පටන් සූදානම් වෙනවා. ඇඳුම් පැළඳුම්, ආභරණ , සැරසිලි, පිරිවර, උත්සව ශාලා, ඡායාරූප ආදී මෙකී නොකී නොයෙකුත් බාහිර දේ අධික වියදම් දරමින් සැලසුම් කරනවා. ඇතැම් විට දෙමාපියන් තමන්ගේ දරුවන් වෙනුවෙන් ජීවිත කාලයක් දුක් මහන්සියෙන් උපයා ඉතිරි කර ගත් සියල්ල මෙයට වැය කරනවා. නැතිනම් ණයට ගන්නවා. ඉතින් මේ විදිහට විවාහ ජීවිතය ගැන අනාගත සැලසුම් නැතිව, තමන්ගේ හැකියාව ගැන අවබෝධයක් නැතිව , විවාහ උත්සවය පමණක් ලෝකයාට පෙනෙන්න සි...

සිරුර තරබාරු කරන නින්ද

Image
  ඔබත් දහවල් නින්දට ඇබ්බැහි වූවෙක්ද? එහි අහිතකර ප්‍රථිඵල ගැන ඔබ දැනුවත්ද? නිතර දහවල් කාලයේ නිදා ගැනීමෙන් සිරුර තරවීම සිදු විය හැකියි. සිරුරක වැඩි ක්‍රියාකාරිත්වයක් තිබෙන්නේ දහවලට. ඉතින් දහවල් නින්ද නිසා ලේ වල ක්‍රියාකාරකම තීව්‍ර වෙනවා. එයින් ඇග මහත් වෙනවා පමණක් නොවෙයි සෙම වැඩි වීම, හතිය ඇති වීම, පපුවේ මහන්සිය, ශරීරය අප්‍රාණික වීම, ඇස්වල දැවිල්ල හා හිසේ රෝග පවා ඇති විය හැකියි. මේ සියල්ල සිදු වන්නේ දහවල් කාලයේ ක්‍රියාකාරීව පැවතිය යුතු සිරුර නින්ද නිසා අක්‍රීයව පැවතීමෙන්.  නිරෝගී සිරුරක් පවත්වා ගැනීමට නම් කය වෙහෙසවීම, ක්‍රියාකාරී වීම ඉතා වැදගත්. ඉතින් දහවල් කාලයේ අත පය හකුලවාගෙන නොසිට වැඩපල වල නිරත වෙන්න.  පොතක් පතක් කියවා, වෙනත් විනෝදාංශයක යෙදී වෙහෙස දුරු කර ගන්න. වේලාසනින් වැඩ පල නිම කර රාත්‍රියේ පැය 8ක සුව නින්දක් ලබන්න. එවිට පසු දිනය ප්‍රබෝධමත් ලෙස ගත කිරීමට ඔබට හැකි වේවි.  Enable Ginger Cannot connect to Ginger Check your internet connection or reload the browser Disable in this text field Edit Edit in Ginger Edit in Ginger ×

ඔහු සැබැවින්ම ඔබ පැතූ කෙනාමද?

Image
   සෑම කාන්තාවක්ම වගේ  බලාපොරොත්තු වෙන්නේ තමා පිළිබඳව දැඩි අවධානයක් දෙන පෙම්වතෙක් / සැමියෙක්.  ඉතින් ඔබේ පෙම්වතා / සැමියා කොහොම කෙනෙක්ද කියලා ඔබටම බලා ගන්න පුළුවන් පුංචි ඉගි කිහිපයක් තමයි මේ.   1. ඔබ දෙදෙනා පළමු වරට හමුවූ හෝ ප්‍රේමය ප්‍රකාශ කල දිනය ඔහු වැදගත් කොට සලකනවා නම් , එය සමරනවා නම් ඔහු ඔබ සහ ඔබේ සතුට පිළිබඳව ඉතා සැලකිලිමත් බව සිතන්න පුළුවන්. 2. ඔබ සම්මුඛ පරීක්ෂණයක් , විභාගයක් වැනි විශේෂ කටයුත්තක් සඳහා සහභාගි වීමට නියමිත දිනක ඔහු උදෑසනින් ඔබව අවදි කර සුභ පතනවා නම් ඔබ සහ ඔබේ දියුණුව පිළිබඳව ඔහු සැබෑ ලෙසම සැලකිලිමත් වන බව සිතන්නට පුළුවන්. 3. ඔබගේ උපන්දිනය දවසේ කෙතරම් කාර්‍යබහුල වුවත් ඔබ සමඟ ගත කිරීම වේලාවක් වෙන් කර ගන්නවා නම් එයින් අදහස් වෙන්නේත් ඔහුට ඔබේ සතුට ඉතා වැදගත් බවයි. 4. ඔබ දෙපළගේ පොදු කටයුතු වලදී ඔබට ඔහුගේ උපරිම සහාය ලබා දෙනවා නම් ඉන් අදහස් කෙරෙන්නේත් ඔහු ඔබ ගැන සැලකිලිමත් බවයි. 5. ඔහු වැඩ ඇරී නිවසට පැමිණීමට පමා වන දිනක ඔහු ඒ පිළිබඳව දැනුම් දී නැවත පැමිණෙන විට ඔබට සුළු ආහාරයක් හෝ ඔබ ප්‍රිය කරන යමක් රැගෙන එනවා නම් එයින් ද අදහස් කෙරෙන්නේ ඔබ ගැන...

පිරිමි සිත ඇද බැඳ තබා ගැනීමට නම්...

Image
   ඔබේ සැමියා / පෙම්වතාගේ ආකර්ෂණය ඔබ වෙතම රඳවා ගැනීමට නම්... 1. ඔහුගේ රිද්මය වටහා ගන්න. ඔහුගේ කැමැත්ත පරිදි ඔහුට සමීප වීම, ඔහු අණුකරණය කිරීම, අනුගමනය කිරීම හා අනුගත වීම සඳහා නියමිත අවස්ථා පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. 2. සුවඳවත් හා නැවුම් බව රැක ගන්න. ඔබට ආවේනික මෘදු සුවඳක් පවත්වා ගන්න. එය මිල අධික විලවුන් සුවඳක් වීමම අඅනිවාර්යය නෑ. බේබි ක්ලෝන් සුවඳක් වුවත් ඒ ඔබේ සුවඳ ලෙස අනන්‍ය වූ විට ඔහු ඊට ප්‍රිය කරාවි. නැවුම් බව රැක ගන්න ඔබට ව්‍යායාම , නැවුම් එළවළු පළතුරු , පිරිසිදු ජලය උපකාරී වේවි. රතු මස්, සුදු ළූණු, චීස් ,බටර් වැනි මේදය සහිත ආහාර හැකි තරම් අඩු කරන්න. 3. ඇහුම්කන් දෙන්න. ඔහු දිගින් දිගටම දොඩමළු වන අවස්ථා වල පවා බාධා කිරීමෙන් වලකින්න. ඔහුගේ අදහස් අගේ කරන්න. ඔහුට ඔබ සමඟ අදහස් බෙදා ගත හැකි බව හඟවන්න.  4. සිනාසෙන්න. ඔහු දුටු විටත්, ඔහු අසලදීත්, ඔහු හා දොඩමළු වෙද්දීත්, ඔහුගේ විහිළු තහළු වලදීත් ඊට ගැලපෙන සිනාවක් නගන්න. බොහෝ විට ඔහු ආකර්ෂණය වූයේ ඔබේ සිනහවට නම් එය වියැකී යනු දැකීමට ඔහු කිසිසේත් ප්‍රිය නොකරාවි. 5.  දෙනෙතින් කතා කරන්න. මුවින් මෙන්ම දෙනෙතින්ද කතා කරන්න , සිනා...