ඔහු සැබැවින්ම ඔබ පැතූ කෙනාමද?
සෑම කාන්තාවක්ම වගේ බලාපොරොත්තු වෙන්නේ තමා පිළිබඳව දැඩි අවධානයක් දෙන පෙම්වතෙක් / සැමියෙක්.
ඉතින් ඔබේ පෙම්වතා / සැමියා කොහොම කෙනෙක්ද කියලා ඔබටම බලා ගන්න පුළුවන් පුංචි ඉගි කිහිපයක් තමයි මේ.
1. ඔබ දෙදෙනා පළමු වරට හමුවූ හෝ ප්රේමය ප්රකාශ කල දිනය ඔහු වැදගත් කොට සලකනවා නම් , එය සමරනවා නම් ඔහු ඔබ සහ ඔබේ සතුට පිළිබඳව ඉතා සැලකිලිමත් බව සිතන්න පුළුවන්.
2. ඔබ සම්මුඛ පරීක්ෂණයක් , විභාගයක් වැනි විශේෂ කටයුත්තක් සඳහා සහභාගි වීමට නියමිත දිනක ඔහු උදෑසනින් ඔබව අවදි කර සුභ පතනවා නම් ඔබ සහ ඔබේ දියුණුව පිළිබඳව ඔහු සැබෑ ලෙසම සැලකිලිමත් වන බව සිතන්නට පුළුවන්.
3. ඔබගේ උපන්දිනය දවසේ කෙතරම් කාර්යබහුල වුවත් ඔබ සමඟ ගත කිරීම වේලාවක් වෙන් කර ගන්නවා නම් එයින් අදහස් වෙන්නේත් ඔහුට ඔබේ සතුට ඉතා වැදගත් බවයි.
4. ඔබ දෙපළගේ පොදු කටයුතු වලදී ඔබට ඔහුගේ උපරිම සහාය ලබා දෙනවා නම් ඉන් අදහස් කෙරෙන්නේත් ඔහු ඔබ ගැන සැලකිලිමත් බවයි.
5. ඔහු වැඩ ඇරී නිවසට පැමිණීමට පමා වන දිනක ඔහු ඒ පිළිබඳව දැනුම් දී නැවත පැමිණෙන විට ඔබට සුළු ආහාරයක් හෝ ඔබ ප්රිය කරන යමක් රැගෙන එනවා නම් එයින් ද අදහස් කෙරෙන්නේ ඔබ ගැන සෑම විටම ඔහුගේ මනසේ වැඩ කරන බවයි.
6. ඔහුගේ පැරණි සබඳතා වල රසබර බව පිළිබඳව ඔබ හා පැවසීමට සහ එම පෙම්වතියන් ඔබ හා සැසදීමට ඔහු කිසිසේත් පෙළඹෙන්නේ නැති නම් ඉන් හැගවෙන්නේත් ඔබ ඔහුට ඉතා වැදගත් බවයි.
7. හිරු බැසයන අයුරු නැරඹීම , මාවතක අත් වැල් පටලාගෙන ඇවිදීම වැනි ඔබ ප්රිය කරන කුඩා දෑ ගැන ප්රශ්න කිරීමකින් හෝ අවලාද නැගීමකින් තොරව ඔහු ඔබට එකඟ වෙනවා නම් ඉන් අදහස් වන්නේත් ඔහු ඔබේ සතුටට මූලිකත්වය දෙන බවයි.
8. ඔබ ආහාර පිළියෙල කිරීමට ඉගෙන ගන්නා මුල් අවදියේ රසවත් භාවය ගැන මැසිවිලි නොනගා රසවත් ආහාර පිළියෙල කරමින් ඔහුට හැකි උපරිම සහයෝගය ඔබට ලබා දෙනවා නම් ඉන් අදහස් කෙරෙන්නේත් ඔහු ඔබ ගැන කෙතරම් සැලකිලිමත් ද යන්නයි.
9. චිත්රපටයක ජවනිකාවකට හෝ වෙනත් සංවේදී අවස්ථාවල ඔබේ දෙනෙතට කඳුළු නැගුනු විට එය විහිළුවකට නොගෙන ඔබව සනසනවා නම් ඔහු සැබෑ ලෙසම ඔබ ගැන සැලකිලිමත්.
10. ඔබ සුන්දර ලෙස අඳින පළඳින එක ගැන ඔහු ඉතා සතුටට පත් වෙනවා නම් සහ ඔබව ලස්සනට තැබීමට ඔහු උනන්දු නම් ඉන් අදහස් කෙරෙන්නේත් ඔහු ඔබ ගැන ඉතා සැලකිලිමත් බවයි.

Comments
Post a Comment